මීදුමෙන් පාවී
මීදුමෙන් පාවී
හඳ ගින්න ලාවී
සිත කැල්ම යාවී
ඔබ යයි මුලා වී
සිත් යාය සතුවී
කොහෙදෝ සිරවී
හඬන සිත ගොලුවී
මා සොයා ආවී
ආදරේ……………
හඳ බංදා අත රංදා
ඔබ පිනි බිංදා හදවත පෙරදා
ජීවිතේ…………..
හරසුන් දා ලොව කැන්දා
හද මඩලේ නින්දා ….බබරුන්ද විංදා
ඒ මලට පෙමින් මා හදවත බිංදා
ඒ ඔයා හිංදා ආදරේ හංදා
මීදුමෙන් පාවී
හඳ ගින්න ලාවී…………
සිහිනයේ………….
කරුවල දා හැරගිය දා
මල් පෙති සිංදා දුක වැඩි හංදා
හදවතේ………….
සුව රංදා මා හංදා
ඔබ ආ හිංදා සතුට එයි කැන්දා
ඒ බිඳුනු හඳේ මතකය පාමුල රංදා
සමාව දුන් දා ආදරේ හංදා…..
අකිල චමීර ප්රනාන්දු
© කැටපත් පවුර
2013-06-28
Advertisements