ඇයි ‍රැව‍ටුවේ මාව………..?

•මාර්තු 29, 2013 • ප්‍රතිචාරයක් ලබාදෙන්න

පාවී ගලා ඇදෙන්න මදකට
ගලන්න දෙන්න මට
එපා ඉතිං කරදර
යලිත් මගේ ලොවට

කල බොරු හොදට
ඇයි ‍රැව‍ටුවේ මාව
තව එයි සොයාගෙන
එපා දැන් හැමදේම

IMAG0162

කඳුලින් පිරි ලොකය
හිනා කැන්දු දවස
මතකද මුල ඔබට
අඬන්න කියු මට

මට අමතක නොවිය
බොරු කලේ මමය
එය ‍රැවටිල්ලටද
දන්නේ මා ය

හදුනාගන්නට ඔබ
ගැබුරින් හොයන්න කී බොරු
පිලිගත් හඬමින් ඔබ ලග
අකාරුනික විය ඔබේ හද

තුරුලේ හිඳ ආදරයෙන්
වෙනස් නොවෙමි මා මැරෙනතුරු
ඉන්නේ ඔබ පන මගේ ම වු
මැවු සිහින තුල මා පමනද බොරු

ගියදා ඉඳලා හිත අරං
බය වෙමි හිනෙන් දැක හොල්මං
හදා ගන්න බෑ හිත ඒ තරම්
ඔබ ලග නැති බව හිත අරන්

හමු වු දින මට මතක නැති
ඇනවසරිය හිත පුරා ඇති
ආදරිය ඔබ කොහේ ඇති
එපා හොදින් ද Text වැකි

ඔබ දුන් තැගි අත ලෙලේ
අතිතයට සක්මන් කෙරේ
හිත හැදෙන්නට නැති ඔබේ
මං වැනි අයෙකුට දෙන වදේ

අකිල චමීර ප්‍රනාන්දු
© කැටපත් පවුර
2013-03-29

Advertisements

රොදයට හසු වු ආදරය

•මාර්තු 18, 2013 • ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබ සොයා පෙමිනි සද
බලා හො‍රැහින් සැරද
දමා ගිය අරුමයක මා හද

දවා ලන ගිනි පුපුරු අද්දර
යොමා ජල බිදු ලෙසින් කරදර
පෙමාතුර හැගුමින් ම වත්කර
සමා වියහැකිවෙයිද නැතිකර

broken-heart-wallpaper-for-boys

අඩි උසින් ලැසි ගමන යනවිට
පාර කොන මා දු‍ටුව මුත් සට
කපට විලසින් ඇදි ගිය තට
වාසනාව වේවා බැඳි කොල්ලට

රොද පිරුන නවාතැනකට
කලක් ගතවෙයි ඉන්න දෙන්නට
උරණ වී මා හා අමනාපෙට
දෙපය උරුමය හොදයි මේ මට

උගේ කරුමෙට මගේ පින විය
මගේ ලොවට ඔබ තාමත් සඳ විය
දමා එන්නට යදම හරස් විය
අනේ උබටත් සුභ ගමන් විය

අකිල චමීර ප්‍රනාන්දු
© කැටපත් පවුර
2013-03-18

ආයෙමත් ආදරෙන්

•දෙසැම්බර් 30, 2012 • ප්‍රතිචාරයක් ලබාදෙන්න

හිතා ගන්න බැරි තරමට
දරා ගත්ත ඔය දුක මට
පලක් නෑ කියු ලෝකෙට
පහර ගැහුවේ කන හරහට

දමා ගියා කියා සිත සිත
ලොකය පුරා හිස් හැරි අත
දිව්ව මගේ මේ හඳවත
හැඬුවාය ඉදිරියේ ඔබේ වත

අසරණ කාලයේ ඉවතට
ගිය දා දුක ඇත මා හට
දියුණුවේ පඩියට යනවිට
මතක් උනිද මා ඔබ හට

This slideshow requires JavaScript.

ඒන යන හැම විට ලැඟුමට
අම්බලමක් ලෙස මා පෙනුනට
විසිකරලා මා පෙලුවට
නිසලයි මේ ගඟ හැමවිට

කඳුලක් ඇත ඔබේ නෙත මත
සඟවන්නට ඔබ දරනා තැත
හදුනා ගත්තෙමි හඳවත
අවසර බිරිදට දෙනු ඇත

පමාව ඔබගේ උරුමෙට
පසුතැවිල්ල මගේ ඳිවියට
ඉවසුව නං අපි දෙන්නට
අද අග බිසවයි ඔබ මට

නිරුවත් ආදරේ ……..

•නොවැම්බර් 21, 2012 • ප්‍රතිචාරයක් ලබාදෙන්න

මා
පෙරදින ඈ හා
අත් වැලි වෙලා උන් ගමනේ නිමවෙලා

වෙනකෙකු හා මෙදා
හිනාවෙලා මට නොකියාම ගියා
ඒ සොදුරු දිවිය මගේ නැති කරලා ..යන්නට ගිය මුත් නෑ තරහ වෙලා
මා කදුලෙන් බව හිතාමතා මගේ මිතුරන් ඉදිරියේ…………………..

මා නිරුවත් කෙරුවා…………………///

එදා
අත මිට කාසි නැතත්
ගෙදරින් ඉල්ලා ඔබ සතුටින් තිබ්බා
නෑ
ගෙදරට මා කියා
ඔබ ගැන ගෙදරින් උරණ වෙයි කියා
ඒ හැමදේ ඔබ වෙත පුද දීලා….ඔබේ ගැනම ගෙයි කියවාලා
දැන් ඇත මා අසරණ වී ලා …..මගේ ගෙදර අය ඉදිරියේ………………..

මා නිරුවත් කෙරුවා…………………….////

This slideshow requires JavaScript.

සදා
ඔබ හට ආදරේ හිංදා
හැම දෙනා දනි ඔබ මගේ කවුද කියා
දැන්
මා තනිවි ඉන්නේ
එය දන්නේ නං ඔබ හා මා පමණයි
හැම දෙනා අසයි ඔබ කොහෙද කියා………තනියෙන් ඉන්නේ මොකද කියා
ඔබ හට ගෑ සුදු පාට නිසා …මුළු ලෝකයා ඉදිරියේ….

මා නිරුවත් කෙරුවා………………////

අකිල චමීර ප්‍රනාන්දු
© කැටපත් පවුර
2012-11-21

ඈ!

•නොවැම්බර් 8, 2012 • ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබේ පායුග නැමද සරණා
ගිය මගේ මට මා මග හැරුනා
කවට කම් කෙලි දමට සිත ඈ
නොපෙනෙනා ඉම තුලට වැ‍ටුනා

This slideshow requires JavaScript.

කාලයෙන් යම් අරුත් දෙන්නැති
එ උනත් මං  දු‍ටුවේ නැතු ඇති
පවස ගන්නට පමා උන ඈ
කෙරේ සිත මගේ පහල වෙන්නැති

දෙනෙත් දහසක් යොමා මා වෙත
උරණ උ ජන මඩල ඈ වෙත
සිනා සෙන්නට නොදන්නා ඈ
යන්න ගියා දුර ඇත හිරු වෙත

ගෙවෙන තත්පර ගනං අතරේ
මංමුලා වී ඇත මා සසරේ
මගේ හිත මත දුක තබා ඈ
යන්න ගියා තනිකර මේ කතරේ

 

අකිල චමීර ප්‍රනාන්දු
© කැටපත් පවුර
2012-11-08

~::: නැයෝ හොයං ඇවිදිං :::~

•ඔක්තෝබර් 23, 2012 • ප්‍රතිචාරයක් ලබාදෙන්න

එදා මා උන් මාවතේ නුබ
බැලුවේ නැත මා දෙස හොරෙන් වත්
අදට ගුඩ් මොනිං කියයි නුබ
බලෙන් එල්ලෙයි නැත බේරුමක් මට

හො‍ටු පෙරා දුහුවිලි යකා මං
පාසලේ හුන් පොඩි එකා
එදා අද මට හිතා ගනු බෑ
ඇයිද මේ දේ උනේ කියාඇවිදයමි මා වෙරල අයිනේ

නොයෙක් අය මගේ ඇස ගැටේ
මා දිහා උන් බලා ඉන්නේ
ඉදිලා බර උන අඔ ලෙසේ
එදා ගියමුත් මෙලෙස කවුරුත්
බැලුවෙ නැත ලොව මා දෙසේ
කාලයද වෙන මොනා දෝ දැයි
හිතා ගන්නට බැහැ අනේ

නැති නැයෝ ගෙදර එන්නේ
සීනි දු‍ටු ඇබලයා සේ
කාත් කාගේ කවුරු නොදනිත්
හිනාවෙමි පොඩි එකෙකු සේ

පුතා ගෙත් දැන් වයස හොද නොවැ
හෙමින් මුනුනයි හොර රහසේ
නැති නැයො හොයං ඇවිදිං
බළල් එලි දැක පනින්නේ

අකිල චමීර ප්‍රනාන්දු
© කැටපත් පවුර
2012-10-23

සංසාර වේදනා

•ඔක්තෝබර් 19, 2012 • ප්‍රතිචාරයක් ලබාදෙන්න

සංසාර වේදනා ..දැන් යාවී පාවෙලා
දැනෙනා දුකට පවා……දැන්… සතුටක් ඉතිරිවෙලා
ඔබගේ කුරිරු කතා සිනහා මුකුළුකලා
පෙරදා හැරගිය මා අද බැල්මෙන් එකතු කලා

දන නෑ පොළවට නැමුනේ
ඒ බර මා හට නොව දැනුනේ
ඔබ මයි මා හැරදැමුනේ
හිත පෙන්නාදෙයි හොර රහසේ
යලි නොසිතු ලෙස මේ සසරේ
ඔබ මා සොයා ආ කතරේ
කාරනාව රජයන අදුරේ
කල්පනා කලා……………….. මා නිදි පැදුරේ

සංසාර වේදනා ..දැන් යාවී පාවෙලා……………………..

හමුවන්නට ඇයි දැන් සිතුනේ
මීදුමින් වැසී ඇදවැ‍ටුනේ
කලුවලාවකින් හඳ වැසුනේ
මේ රිදි ඉරයි පායන්නේ
ඔබ එදා පැමිනි කල මිතුරේ
අද ඔබත් සමග එමි ඇසුරේ
මට දුකක් නැතේ මේ කතරේ
ඔබ පමා වැඩි…………මා අද ඇයගේ තුරුලේ

සංසාර වේදනා ..දැන් යාවී පාවෙලා……………………..

අකිල චමීර ප්‍රනාන්දු
© කැටපත් පවුර
2012-10-19

 
%d bloggers like this: