ඉතින් ආයුබෝවන්

•අප්‍රේල් 2, 2010 • එක් ප්‍රතිචාරයක්

ආරම්භය  ගතිමි ඔබෙන්

නිසංසල දිය කඩිත්තක දිය දෝතක් ගන්නට මට සිතුනි…එනමුදු …ඔබ දු‍ටු කල මා තුල වු පිපාසය නිවුනි….අකුරු එකිනෙක අමුනා පද වැල් ගොතන්න කියු ඔබ අද සිටියා නම්……
ඔබ තරම් තුටින් ඉපිලයන කෙනෙකු ගැන මා දන්නේ නැත……..

මා ලියනා හැම වදනක් තුලම ඉන්නේ ඔබය…මන්ද ඔබ කී ලෙස අප දැන් දෙදෙනකු නොවන බැවිනි……මෙහි ලියවෙන මුතු අකුරු ඔබට උපහාර වේවා…….!

Advertisements

::::හීනයක්::::

•නොවැම්බර් 25, 2015 • ප්‍රතිචාරයක් ලබාදෙන්න

මලක් කඩා දුන් පලියට
හිතේ සියුම් තැන් සොයා
ලගින් ඉන්න වේ යැයි හිතුවට
ඔයා හිතින් දුරස් වෙලා
බලං ඉන්න බැරි මගෙ කරුමෙට
මගේ ලෝකේ පහන තියා
තිරය අරං යන්නට ගියාට
පහන හිටියා තෙල් පිරිලා

ගහේ කොටපු අකුරට හිතුනට
රැදි ඉන්න වැස්සෙ පවා
බිදුන හදවත හදා  ගන්නට
පංචිකාවත්තට ගියා
ඉවසුවා නං එදා මොහොතට
පිරිමි හැම වැරදී කියා
හොදට හිතලා වැරදි පාරට
ජීවිතය අරගෙන ගියා

පෙම්වතුන් වී හිටිය ලෝකෙට
එකවරම මිතුරෙක් වෙලා
ආදරේ කල දවස් ගානට
ඔයා මා අමතකවෙලා
කුප්පියක එල්ලා මැරෙන්නට
කාසි කොල මට නැති නිසා
කෑලි අමුනා රිම් වලල්ලට
හෙමින් ගමනක් මං ගියා

ඔයා දුන්න පුංචි හීනයට
හෙමින් හෙමින් අඩිය තියා
දැත් පැටලුණු සිහින ලෝකෙට
මමයි හෙවනැල්ලයි ගියා
හැරි බැලුවෙමි දෑත් දෙන්නට
පරණ දේ අමතක වෙලා
මටත් නොදැනිම මගේ මතකෙට
ඔයාවත් අමතක වෙලා ……………………………

අකිල චමීර ප්‍රනාන්දු
© කැටපත් පවුර
2015-11-25

 

:| කූ ඩු ව |:

•මාර්තු 6, 2015 • ප්‍රතිචාරයක් ලබාදෙන්න

බිංදු මලින් වැටුනා අහසක කඳුළු
දරාගත්තෙ කුඩයට බර වී තුරුළු
විදුලි එලිය දැසේ ගිනියම් ව සිළු
සාරි පොටට බර දැනුනේ ඇයි කුරුළු

දැතේ ඇගිලි පිරිමැද දිව ගිය අයුරු
දැසට නිවන් නැත බලමින් නෙක අයුරු
ගොලුවී විටක අප දෙස බලමින් ලහිරු
මුහුන නොදෙන අරුමය පෙනුනා කුරිරු

වැලිමත ඇදුනු ගෙත්තම් ගිලිහුනාවේ
මතකය දෙදෙනාට සිහි කැඳවුනාවේ
බිංදු මලින් නෙතු නොම නැහැවුනාවේ
කුරුළු කූඩුවෙන් ඉගිලී ගියා වේ

තුටුවන කුරුල්ලෙක් ලොව ඇත තැනක
කූඩුව තැනු කුරුලෙක් ඇත තව තැනක
නැවත දෙදෙන නොම එන බව කිසිදිනක
කූඩුව නොදැන සිටිනව අත්තේ කොනක

කුරුළුගේ සතුට වෙනුවෙන් කැප කල හැමදේ
ලෝකය උරණ වී දෙසු වචනයේ රැඳී දේ
ලෙයින් කදුලකින් වනසා නොම කලදේ
සැබැ ආදරේ සුබපැතුමකින් ම රැදේ

උණුසුම දැනෙනු ඇත වෙනසක් ලෙස කූඩු
එනමුදු අනේ නොම වේවා අඩුපාඩු
කුරුළුගේ සතුට වෙනුවෙන් කරගත් පාඩු
අමතක කුරුල්ලා තුටු වී නොම කරඩු

අකිල චමීර ප්‍රනාන්දු
© කැටපත් පවුර
2015-03-06

පාරාවෝ …………

•නොවැම්බර් 9, 2014 • ප්‍රතිචාරයක් ලබාදෙන්න

සිනහව කොතනද නතර උනේ නොම දැනි ….
පෙර කී දේ ගැන අහසට  දුක නොම සිතී ……
දැනෙනා කඳුළට සිනහව මුව අග රැඳී….
පාරාවෝ වගෙ ඉන්නේ දුක කොයි සකී …

දැනුනට දුක බොන්නේ නෑ ගල් මල් පැනි
පිස්සු හදිලා උඩ යන්නට නෑ මට හදිසි
කනවා ගමකට බඩ ආවත් දුක නැති
සතුටට හරවං මං ඉන්නා දුක ජොලි …..

සිනහව කොතනද නතර උනේ නොම දැනි ….//

අවසර ගත්තට ඉස්සර හැමගෙන් තුතී
දැන් ගෙදරට විතරයි වෙන අය නැති
සිනමා පටලයෙ හිස් තැන් නෑ පෙර වැනි
පොකට් එකත් දැන් පෙන්නනවා කොල වැඩි

සිනහව කොතනද නතර උනේ නොම දැනි ….//

 

 

අකිල චමීර ප්‍රනාන්දු
© කැටපත් පවුර
2014-11-09

:::: පිලිතුරක් නොමැති කව ::::

•සැප්තැම්බර් 1, 2013 • ප්‍රතිචාරයක් ලබාදෙන්න

තෙරක් නොමැතිව කෑ ගසා 
හඬනා….. ගිරවියේ ඉකිගසා
බලනා ලොකය ඇනගසා
රඟනවා රූකඩ ලනුමසා

කියමින් ආදර බස් ගොතා
උන් රවටමින් තම හිත පතා
බැඳි යදමකින් ලෝ මැඩ කතා
උං නිදති කති බොති ජීවිත පතා

තත් ගැලවෙනා ‘ම’ සිතාරයේ
නුබ මුලින් ගැයු තනු විකාරයේ
මා අදිමි තත නුබේ ආලයේ
නුබ අකුරු කරවු කාලයේ

බව කතර රියසක් ලෙස මගේ
නුබ පැමින ඇති නොම වී මගේ
අප දෙදෙන යන මනුකල් මගේ
නුබ කිමද කුල බැලුවේ මගේ

ලෝකයා වසගෙට ගන්නට
හිත් යාය තුල පෙම වවන්ට
තව කල්පයක් ඇත ඔය හීනෙට
මට කියනු තව මක් කරන්ට

 

අකිල චමීර ප්‍රනාන්දු
© කැටපත් පවුර
2013-09-01

 

මට තේරුනා

•ජූලි 31, 2013 • ප්‍රතිචාරයක් ලබාදෙන්න

තුටින් ඉන්නා කලයේ
බොහො දේ මා සතු උනා
ඔයා හින්දා ලැබුනු සතුටින්
සිතේ සතුටත් වැඩි උනා
ගලා ගිය අපේ සොදුරු ප්‍රේමය
මගේ නුපුරුදු බව විනා
පලා යන්නට නොදි හිත තුල
කි කතා හිත හිර උනා

ආදරේ වැඩිඋනා මාතුල
ඔබ කෙරේ තව තව සිතා
සමාජය නම් කුරිරු මීවිත
හිතට සැකයක් එක් කලා
කියු විපරම් බසට මාගේ
ඔබේ හිත අනේ පැරුනා
වහන් වෙන්නට බැරි තරම්
ඒ වදන් බෝ දුර දිග ගියා

ඇදිගිය අපේ ආදරේ
කලු පැල්ලමයි මා ගැන කියා
කරපු ගොං කම් වලට පාඩම
පහුවෙද්දි මට තේරුනා
හැරි බැලුවෙමි වරද වුන තැන
හදා ගත්තෙමි ඔබ නිසා
ඔයා දුන් දඩුවමේ පව් නැත
තවත් විඳවනතුරු මෙමා

ලොවේ හැම දෙන එක වගේ නැත
කියා තිබ්බත් පඬිවරුන්
කැසිල්ලට නොම බවද වැටහුනි
වැරදුනා මට ප්‍රෙමයෙන්
සමාදුන් මුත් වරද මා අත
සිතන නෙක හැම වාරයෙන්
ඔයා සිහිවෙයි තාම මගෙ ලය
ගැහෙයි ඔබේ නම දු‍ටු සැනින්

 

 

අකිල චමීර ප්‍රනාන්දු
© කැටපත් පවුර
2013-07-31

මීදුමෙන් පාවී

•ජූනි 28, 2013 • ප්‍රතිචාරයක් ලබාදෙන්න

මීදුමෙන් පාවී
හඳ ගින්න ලාවී
සිත කැල්ම යාවී
ඔබ යයි මුලා වී
සිත් යාය සතුවී
කොහෙදෝ සිරවී
හඬන සිත ගොලුවී
මා සොයා ආවී

ආදරේ……………
හඳ බංදා අත රංදා
ඔබ පිනි බිංදා හදවත පෙරදා
ජීවිතේ…………..
 හරසුන් දා ලොව කැන්දා
හද මඩලේ නින්දා ….බබරුන්ද විංදා
ඒ මලට පෙමින් මා හදවත බිංදා
ඒ ඔයා හිංදා ආදරේ හංදා

මීදුමෙන් පාවී
හඳ ගින්න ලාවී…………

සිහිනයේ………….
කරුවල දා හැරගිය දා
මල් පෙති සිංදා දුක වැඩි හංදා
හදවතේ………….
සුව රංදා මා හංදා
ඔබ ආ හිංදා සතුට එයි කැන්දා
ඒ බිඳුනු හඳේ  මතකය  පාමුල රංදා
සමාව දුන් දා ආදරේ හංදා…..

අකිල චමීර ප්‍රනාන්දු
© කැටපත් පවුර
2013-06-28

“කු” ට ආදරෙන්

•ජූනි 27, 2013 • ප්‍රතිචාරයක් ලබාදෙන්න

එදා නොතිබුන අමුතු වෙනසක්
දැනේ ඔබ නැති පාලුවක්
හදා ගන්නට වැරදි දහසක්
තිබු මට එය පහසුවක්
දර ගන්නට දැරු වෙහෙසක්
එය නැතේ තව නිමාවක්
වැරදි හැදුනා වී පමාවක්
ඔබ  නිසා  ඇත හිනාවක්

කලක් ගතවිය හදා ගන්නට
අතේ උන් මගේ කරගැට
පලා නොමයමි හදෙන් එපිටට
කි ලෙසින් පෙර කලාවට
දනෝ ලොකේ බොහො සසරට
මා බඳි හිරි හැර කොට
සිසිල දැනුනිද හදාගන්නට
මගේ සිත යයි ඔබ වෙතට

ලොවේ හැම දන් එක ලෙසේ
නිම වේය හිත පතනුසේ
දරා ගන්නට බැරි ලෙසේ
සිරියහන හඩන්නවා පෙර ලෙසේ
ඔබේ සතුට මා ගේ ලෙසේ
සිතුවාට මගේ හද ඇඩි ලෙසේ
පෙර ආයේ හමු වී කෙසේ
මගේ ආදරේ පවසමි මෙසේ.

අකිල චමීර ප්‍රනාන්දු
© කැටපත් පවුර
2013-06-27

 
%d bloggers like this: